PROJECT SKY 2K17 WRC

  • INTRODUCTION හැදින්වීම

මේ 2017 වර්ෂයයි. මිනිසා අභ්‍යවකාශය ජයගෙන අදට වසර 60 ක් ගතවී ඇති නමුත්, ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් අද අභ්‍යවකාශ යුගයට මන්දගාමී ව හෝ පිවිසෙමින් පවති.

ලෝකයේ හුදෙක් සංවර්ධිත යැයි සැලකෙන රටවල් ඔවුන්ගේ ආධිපත්‍ය අභ්‍යවකාශය තුල ස්ථිර කළේ 1957/10/04 වන දින ලොව ප්‍රථම කෘත්‍රීම චන්ද්‍රිකාව ගුවන් ගත කරමින්ය.

එලෙස ඇරඹුණු අභ්‍යවකාශ යුගයේ දැන් අප නිසොල්මන් ව ගමන් කරයි. එහෙත් ලෝකය අපට වඩා ගව්ගණනක් ඉදිරියෙනි. ඒ ඔවුන් අභ්‍යවකාශ විද්‍යාව හෙවත් STEM අධ්‍යාපනය (විද්‍යාව,තාක්ෂණය,ඉන්ඡිනේරු විද්‍යාව,හා ගණිතය) පෙර පාසල් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ලබා දීමයි. එයට 2016 වර්ෂයේ අභ්‍යවකාශ ගත කල පෙර පාසල් දරුවන් හා 8 වසර දක්වා වු දරුවන් එක්ව නිපදවු CUBE SATELLITE කෘත්‍රීම චන්ද්‍රිකාව සාක්ෂි දරයි.

මෙලෙස ඔවුන් කුඩා කල සිට ඔවුන්ගේ ආධිපත්‍ය අභ්‍යවකාශය තුල ස්ථිර කරන විට, අප හුදෙක් විෂය නිර්දේෂයකට කොටු වු අධ්‍යාපන රටාවකට අනුව පසුගාමී ගමනක යෙදී සිටි.

මෙවන් තත්වයක් පවතින විට “ නූතන තාක්ෂණය සදහා වු ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ජල රොකට් තරගාවලියට පිට පිට වසර 2ක් (2014/2015) සහභාගීවීමට තරම් මා වාසනාවන්ත විය.

එයින් ලද පන්නරයෙන් මා හා මා පෙර ඉගෙන ගත් පාසලේ විද්‍යා ගුරුතුමිය සමග එක්ව පාසල් තාරකා විද්‍යා හා විද්‍යා සංගමයක් පිහිටු වීය. එහි ප්‍රථම සභාපති ලෙස වසර 2ක් කටයුතු කර, 2016 වසරේ එයින් ඉවත් වීමට සිදුවූයේ මාගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා වෙනත් පාසලකට ඇතුලත්වීමත් හා අප විද්‍යා ගුරුතුමියගේ ගුරු මාරුවීමත් සමගය. එයින් නොසැලුණු අප හට පෞද්ගලික වශයෙන් ක්‍රියාත්මක වන සංගමයක අවශ්‍යතාව ඇති විය.

එම අවශ්‍යතාවයට පිළිතුරු වශයෙන් 2016/12/31 වන දින අප නව සංගමයක් “Sri Lankan Neoteric Astronomy & Science Association [SLNASA]” නමින් ආරම්භ කලේ මාගේ සංකල්පයකට අනුවය.

අප සංගමයේ සිටින ලෝක මටිටමේ විශිෂ්ඨයින්, පලපුරුදු දේශකයන්,අවස්ථා කළමණාකරුවන්,සහ ගුරුවරුවරුන්, සමග එක්ව අපගේ තේමාව වු “GET YOUR OWN WAY TO UNIVERSE” යන්න පෙරටු කරගෙන අපගේ ඉලක්කය වු “ශ්‍රි ලංකාව අභ්‍යවකාශ යුගයේ දීප්තිමත් රටක් බවට පත්කිරීම”ට අප ඇප කැප වී කටයු‍තු කරමු.

මෙවැනි පුළුල් අරමුණක් පෙරදැරිව ඉදිරියට යාම එක්තරා දුශ්කර කටයුත්තක් වුවද , එහි 2017 වසරේ මංගල පියවර තබන්නයි, මේ අප සූදානම් වන්නේ,

ඒ,…….

ශ්‍රි ලාංකික නූතන තාරකා විද්‍යා හා විද්‍යා සංගමය (SLNASA), හා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ, ගණිත අංශයේ,12-B ශ්‍රේණියේ, සිසුන් 10දෙනෙක්, එක්ව උසස් පෙළ කණ්ඩායම් ව්‍යාපෘතිය ලෙස සංවිධානය කරනු ලබන “PROJECT SKY 2K17   W.R.C.”  අන්තර් පාසල් ජල රොකට් තරඟාවලියයි.

එයින් මා ලද රොකට් තාක්ශණික දැනුම පාසල් ළමුන් අතර ප්‍රචලිත කිරීමට PROJECT SKY 2K17   W.R.C. ව්‍යාපෘති කණ්ඩායම,සහ ශ්‍රි ලාංකික නූතන තාරකා විද්‍යා හා විද්‍යා සංගමය (SLNASA)  අත්වැල් බැදගෙන ඇත.

මෙලෙස පාසල් ළමුන් තුල වු සීමිත අභ්‍යවකාශ විද්‍යාව හෙවත් STEM (විද්‍යාව, තාක්ෂණය, ඉන්ඡිනේරු විද්‍යාව, හා ගණිතය) අධ්‍යාපනයට නව මුහුණුවරක් ලබා දීමට අප අපේක්ෂා කරමු.

මෙලෙස සංවිධානය වන අන්තර් පාසල් ජල රොකට් තරඟාවලිය, ලෝක අභ්‍යවකාශ සතිය 2017 (WSW2017) නිමිති කරගෙන පැවැත්වීමට තීරනය කර ඇත්තේ, එහි තේමාව වු “අභ්‍යවකාශයේ නව ලෝක සොයා යමු” (Exploring New Worlds in Space)යන්නට නිසි අරුත ලබා දෙමිනි.

[ලෝක අභ්‍යවකාශ සතිය 2017 – ආරම්භක උලෙළ (WSW2017) (04/10/2017)]

ආර්.එම්.වයි.පී.රත්නායක.
නිර්මාපක,
ශ්‍රි ලාංකික නූතන තාරකා විද්‍යා හා විද්‍යා සංගමය. (SLNASA)

Advertisements